අරගලයේ මුල ඉදලා ඔතන ඉන්න බහුතරයක් පිරිස තමන්ගේ ජාතිය,ආගම, දේශපාලනය පැත්තක දාලා තමන්ට පුලුවන් හැම වෙලාවෙම එතනට ආවා තමන්ගේ රැකියාවෙන් තමන්ට ලැබෙන ආදායම් මාර්ගයෙන් පවා පොඩ්ඩක් නිවාඩුවක් අරන්. ඒ වගේම හැමදාම හවසට ඔතනට එන බහුතරයක් මිනිස්සු එන්නෙත් නිර්පාක්ෂිකව. අන්න ඒ නිසා මේ අරගලයට නිර්පාක්ෂික උන් එන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක්.
හැබැයි ඔතන උදේ දවල් රෑ පැල් බැදගෙන අරගල භූමියේ සති ගණන් ඉන්න සමහරු ගැන පොඩ්ඩක් හොයලා බලන්න. උන්ට කන්න බොන්න ඔතනින් හම්බ උනාට ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා ඔතනම ඉදලා. එක්කෝ උන් දේශපාලන පක්ෂයක් විසින් එවපු ගෙවීම් ලබන පිරිසක් නැත්නම් ඇත්තටම කරන්න රස්සාවක් නැතුව එදා වේල පිරිමහගන්න එන පිරිසක්. ඔන්න ඔය පිරිසගෙන් තමයි අරගල භූමිය බේරගන්න ඕනි හොදට හොයලා බලලා. මොකද අරගලයේ මූලික අරමුණ gota gohome, gohome rajapaksha’s, give our stolen money back (මේකට 225 ම අදාලයි)
හැබැයි දැන් ඒ අරමුණු වලින් දෙවෙනි එකේ කොටසක් වෙලා තියෙනවා. අනික් ඒවා තාම එහෙමම කරගන්න තියෙනවා.
එහෙම තියෙද්දි දැන් ඔය සමහරක් අරගලේ අළුතෙන් පැලපදියන් වෙච්ච අය අරගලයේ මූලික අරමුණු අතරේ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න යනවා.
මුලදි අරගලය පටන් ගනිද්දි ආපෝ අපි එකෙක් වත් ඔය අරගලයට නෑ ඒක ජනතාවගේ නිර්පාක්ෂික අරගලයක් කියලා statement දීපු අය දැන් දැන් කියන කතා පොඩ්ඩක් බලන්න. අන්න ඒ කතා වලට තමයි hijak කරන්න හදනවා කියන්නේ.
ඒ වගේම රනිල් සහයෝගය දෙනවාලු අරගලයට. ඒ ඌට ජනාධිපති වෙන්න තියෙන කෑදර කමට. මේ වෙලාවේ ගෝථාභය ගියොත් එයා ජනාධිපති ඒනිසා එයාහේ හෙන්චයියෝ දැන් අරගලයට අහසින් පාත්වෙලා ඕක නග්ගලා ගන්න හදයි.
කෝ අරගලය භූමියේ රනිල් වගේ මහබැංකු හොරකම කරපු රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාලා මිනිස්සු සියගණනක් මරන්න වක්රාකාරයෙන් උදව් කරපු මිනිහට ලොකු විරෝධයක් නෑනේ.
දැන් අරගලය ගෝථාභයට ලඝු වෙලා තියෙනවා. හරිනම් වෙන්න ඕනි අරගලය තවත් ශක්තිමත්ව ranil go home කියන එකත් ඔතනට ගන්න එක.
රටේ අගමැති කම ජනාධිපති කම අරන් රට කරන්න 225න් අඩුවෙන්ම හොරකම් කරපු රටම පිලිගන්න එකෙක් දෙන්නෙක් හොයාගන්න පුලුවන් වෙයි. අන්න උන් පාර්ලිමේන්තුවේ නැත්නම් රටේ මිනිස්සු පිලිගන්න හොරෙක් නොවන කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් දාලා හරි හොරෙක් නොවන රට කරන්න පුලුවන් කෙනෙක් තෝරාගන්න පුලුවන්. ඒත් ඒකට බල කිරීමක් වෙන බවක් නම් පේන්න නෑ.
ගෝටාගෝගම නිර්පාක්ෂිකම වියයුතුය. ඩීල් නැති වියයුතුය. මේ කාරනා ඇත්තටම වියයුතුද නැද්ද යන වග තේරුම් ගැනීම ඔබ සතුය.
අරගලයේ මුලික අරමුණු ජයගන්නා තෙක් අරගලය පැවතිය යුතුය. එයට අපි සියල්ල එකා මෙන් ආගම, ජාතිය, දේශපාලනය පසෙක දමා එකතු විය යුතුය.